උපරිම සිල්ලර මිල ඉක්මවා බිත්තර අළෙවි කළ හංවැල්ල නගරයේ සුපිරි වෙළෙඳසැලකට අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් දස ලක්ෂ විසි දහසක දඩ මුදලක් නියම කරනු ලැබුවා.

නීති විරෝධී ලෙස අපනයනයට සූදානම් කර තිබූ පිත්තල, තඹ සහ සුදු යකඩ අඩංගු කන්ටේනර් 4 ක් සහ නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කෙරුණු හමර් රථ 2 ක් ඊයේ ශ්‍රී ලංකා රේගුව භාරයට ගැනුණා. 

රුපියල් එක්කෝටි හතළිස් ලක්ෂයක් පමණ වටිනා මත්ද්‍රව්‍ය ලෙස ජාත්‍යන්තර වශයෙන් භාවිත කරන වියලි කොළ තොගයක් කටුනායක ගුවන් භාණ්ඩ අංශය වෙත එවා තිබිය දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් භාරයට ගෙන තිබේ.

මොනරාගල දිසා පුරාවස්තු ආරක්ෂක විශේෂ පොලිස් ඒකකය විසින් ඊයේ (11) ගංජා හේන් තුනක හදිසි වැටලීමක් කර තිබේ.

මාතර දිස්ත්‍රික්කයේ වැඩි මිලට සහල් අලෙවි කළ වෙළෙඳසැල් හිමියන් පස් දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගෙන තිබේ. දස දෙනෙකුට අවවාදාත්මක නිවේදන නිකුත් කිරීමට පියවර ගැනිණ.

ඊජිප්තුවේන ගෙන්වන ලද මිනිස් පරිභෝජනයට නුසුදුසු ලොකු ලූණු තොගයක් කන්ටේනර් රථයක තබා අලෙවි කිරීමට සූදානම් කර තිබිය දී දඹුල්ල මහනගර සභාවේ සෞඛ්‍ය ඒකකය විසින් ඊයේ සොයා ගැනිණ.

බෙලිඅත්ත නගරය හා අවට ප්‍රදේශයේ වෙළඳසැල් 9කට නඩු පවරා තිබේ. ඒ මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කිරීම හේතුවෙන්.

කළුතර නගරයේ සහ අවට ප්‍රදේශ රැසක ආපනශාලා, හෝටල්, වෙළඳසැල්, තොග අලෙවි ස්ථාන ඊයේ විශේෂ පරීක්ෂාවට ලක් කෙරිණ.

නියමිත මිළට වඩා වැඩි මිළට තිරිගු පිටි අලෙවි කළ ඌව පරණගම, පස්සර හා මඩොල්සීම යන ප්‍රදේශවල වෙළෙන්ඳන් හත් දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබේ.

අවුරුදු සමයේ වැඩිපුර මුදල් අය කරන බස් රථ සම්බන්ධයෙන් දැනුම් දීමට දුරකථනය අංක ලබාදීමට පියවර ගෙන තිබේ.

Latest News