පූජිත් හා හේමසිරිගේ ඇප අයදුම්පතේ කරුණු තහවුරු කිරීම හෙට

නොවැ 26, 2019

    පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරය මාලාව වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් රාජකාරිය පැහැර හැර මිනීමැරීම සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින තමන්ව ඇප මත මුදා හරින මෙන් ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා විසින් ඉදිරිපත් කර තිබෙන ඇප අයදුම්පතක් කරුණු තහවුරු කිරීම සඳහා හෙට (27) දින කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

    එම අයදුම්පත අද කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී විනිසුරුවරයා නියම කළේ අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා හෙට දින අධිකරණය හමුවේ කැඳවන ලෙසයි.

    මේ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින දැනට අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් ඇප ඉල්ලා පෙත්සමක් ඉදිරිපත් කර ඇති අතර එම පෙත්සම හෙට දින කරුණු සලකා බැලීම සඳහා කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ කැඳවීමට නියමිතයි.

    Last modified on අඟහරුවාදා, 26 නොවැම්බර් 2019 10:54

    Latest News