වැඩි මිලට පොල් විකුණන වෙළෙඳුන් සොයා වැටලීම්

සැප් 28, 2020

    පොල් වැඩි මිලට විකුණන වෙළෙඳුන් සොයා වැටලීම් ආරම්භ කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සදහන් කරයි. අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින් පොල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කර තිබේ.

    ගැසට් නිවේදනයක් නිකුත් කළ අතර වට ප්‍රමාණය අඟල් 13ට වැඩි පොල් ගෙඩියක් අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල රුපියල් 70කි.

    වට ප්‍රමාණය අඟල් 12 - 13 අතර වන පොල් ගෙඩියක උපරිම සිල්ලර මිල රුපියල් 65ක් වන අතර වට ප්‍රමාණය අඟල් 12ට අඩු පොල් ගෙඩියක් අලෙවි කළ හැක්කේ, රුපියල් 60කට පමණය. එම මිල ගණන්වලට පොල් අළෙවි නොකරන්නේ නම් අධිකාරියේ අංක 1977 දුරකතන ඇමැතුමක් ලබා දෙමින් විස්තර දන්වන ලෙස පාරිභෝගිකයන්ට දැනුම් දෙයි.

    ගැසට් පත්‍රය නිකුත් කිරීමෙන් අනතුරුව පසුගියදා (26) සහ ඊයේ (27) දිනයන්හි දිවයින පුරා වෙළෙඳුන් දැනුවත් කිරිමට පියවර ගෙන ඇත.

    ඒ අනුව පොල් ගෙඩියේ වට ප්‍රමාණය අනුව මිල නියම නොකරමින් පොල් අළෙවි කරනන් සොයා වැටලීම් සිදු කරන බව පාර්භෝගික සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා පැවසීය.

    Last modified on සදුදා, 28 සැප්තැම්බර් 2020 07:58

    Latest News