පොල් වැඩි මිලට විකුණන වෙළෙඳුන් සොයා වැටලීම් ආරම්භ කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සදහන් කරයි. අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින් පොල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කර තිබේ.

වැඩි මිලට සහල් අලෙවි කරන වෙළඳුන් අත්අඩංගුවට ගැනීම සඳහා අද (24) සිට මෙහෙයුම් කි‍්‍රයාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

බස්නාහිර පළාත තුළ සිදුකළ මෙහෙයුම්වලින් පුද්ගලයන් 460 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

බස්නාහිර පළාත තුළ ඊයේ උදේ 6.00 සිට අද අලුයම 5.00 දක්වා පොලීසිය කළ වැටලීම්වල දී මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු නීතිවිරෝධී ක්‍රියාවන්ට සම්බන්ධ බවට සැකපිට තුන්සිය පනස් හත් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. එම කාලසීමාවේ සිදුකර ඇති වැටලීම් සංඛ්‍යාව 356ක්.

හැටන් කොටගල නගරයේ ආපන ශාලා ඉතා අපිරිසිදුව පවත්වාගෙන ගිය සිව් දෙනෙකුට එරෙහිව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් නෛතික පියවර ගැනිණ.

කුරුණෑගල ප්‍රදේශයේ වැඩි මිලට සහල් විකුණූ වෙළෙඳසැල් හිමියන් 30 දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගෙන තිබේ.

කළුතර නගරයේ සහ අවට ප්‍රදේශ රැසක ආපනශාලා, හෝටල්, වෙළඳසැල්, තොග අලෙවි ස්ථාන ඊයේ විශේෂ පරීක්ෂාවට ලක් කෙරිණ.

දිවයින පුරා පිහිටි ගෑස් ගබඩා සහ අලෙවි සැල් පරීක්ෂා කර, ගෑස් සඟවාගෙන සිටින සහ වැඩි මිලට අලෙවි කරන වෙළෙඳුන් සොයා වැටලීම් ආරම්භ කර ඇති බව, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. මේ සඳහා වැටලීම් නිලධාරීන් 500කට අධික පිරිසක් යොදවා ඇති බවයි, මෙම අධිකාරිය පවසන්නේ.

පාරිභෝගික පැමිණිලි සැලකිල්ලට ගනිමින් වැඩි මිලට ගෑස් අලෙවි කරන වෙළෙඳුන් සොයා වැටලීම් ආරම්භ කර ඇතැයි, පරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

උත්සව සමයේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සිය වැටලීම් ප්‍රමාණය වැඩි කර ඇතැයි එම අධිකාරිය පවසයි.පාරිභෝගිකයන් කූට වෙළෙඳුන්ගෙන් ආරක්ෂා කරගැනීම අරමුණයි.

Latest News