යළි ඔක්තෝබර් 26ක් ආවොත් කථානායක අස්වන වාර්තා සාවද්‍යයි

අගෝ 26, 2019

    නිතීවිරෝධි සහ ප්‍රජාතන්ත්‍ර විරෝධි ක්‍රියාවලිය වැනි සිද්ධියක් යලි ඇති වුවහොත් කථානායකවරයා සිය ධුරයෙන් ඉවත්වන බවට අද (26) ඇතැම් මුද්‍රිත සහ සමාජ මාධ්‍ය කිහිපයක පළව ඇති නිසි මුලාශ්‍රයක් පදනම් නොවු පුවත සාවද්‍ය බව කථානායක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.

    2018 ඔක්තෝම්බර් 26 වන දින පාර්ලිමේන්තුවේ බහුතරය නොමැතිව අගමැතිවරයෙකු දිව්රුම් දිමේ වැනි අවස්ථාවක් ඇති වුවහොත් කතානායකවරයා සිය ධූරයෙන් ඉල්ලා අස්වන බවට මුද්‍රිත සහ සමාජ මාධ්‍ය කිහිපයක වාර්තා කර ඇතැයි ද එම නිවේදනයේ සඳහන්වේ.

    කථානායකවරයා කිසිවිටකත්, එවන් මතයක් නොදරන අතර එවන් ප්‍රකාශයක්ද, සිදුකර නොමැති බව එමගින් අවධාරණය කර තිබේ.

    පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනිව සිදුවන ඕනෑම ක්‍රියාමාර්ගයකට එරෙහිව පාර්ලිමේන්තුව විසින් ගත යුතු උපරිම ක්‍රියාමාර්ග ගැනීම‍ට කිසිවිටකත් පසුබට නොවිය යුතුය’ යන ස්ථාවරයක ඔහු දැඩිව පිහිටා සිටියි.

    කෙසේ වුවත් ඉහත සඳහන් පුවත, හුදෙක් එම පුවත පළ කරන ලද අදාල මාධ්‍ය ආයතනයන්හි, අනුමාන කිරිමක් පමණක් බව පෙනී යන, එබැවින් එවැනි තත්වයක් යළි උද්ගත වනු ඇතැයි කථානායකතුමන් කිසි ලෙසකත් විශ්වාසය නොකරණ බව එම නිවේදනයේ සඳහන්වේ.

     

     

    Last modified on සදුදා, 26 අගෝස්තු 2019 17:07

    Latest News