වැල්ලවාය ඇතිලිවැවේ ජීව අත්බෝම්බයක්

අගෝ 26, 2019

    ඌව, වැල්ලවාය, කුඩාඔය පොලිස් බල ප්‍රදේශයේ ඇතිලි වැවේ තිබී ජීව අත්බෝම්බයක් සොයාගෙන තිබේ.

    ප්‍රදේශවාසීන් කළ දැනුම් දීමකට අනුව විදෙස් රටක නිෂ්පාදිත මෙම අත්බෝම්බය සොයාගෙන ඇත. පසුව අද (26) වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් ලබාගෙන මෙම අත්බෝම්බය නිෂ්ක්‍රීය කිරීමට පියවර ගත් බව කුඩාඔය පොලිසිය සඳහන් කළේය. කිසියම් පුද්ගලයකු මෙම අත්බෝම්බය වැවට ගෙනවිත් දමන්නට ඇති බවට පොලිසිය සැක පල කරන අතර මාළු ඇල්ලීම සඳහා වැවට ගිය පුද්ගලයකුගේ දැලට හසු වී මෙම අත්බෝම්බය හමු වී තිබේ. මේ වන විට එම ස්ථානයට පොලිස් ආරක්ෂාව යොදා ඇති අතර කුඩාඔය පොලිසිය විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.

    Latest News