ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීම තහවුරුයි (වීඩියෝ)

ජූලි 15, 2022
  • ගෝඨාභය රාජපක්ෂ මහතා ජූලි මස 14 වැනි දින සිට ජනාධිපති ධුරයෙන් නිත්‍යානුකූලව ඉල්ලා අස් වූ බව, කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කරනවා.

    ඒ අනුව, මෙතැන් සිට නව ජනාධිපතිවරයෙකු තෝරාපත් කර ගැනීමේ ව්‍යවස්ථාමය ක්‍රියාදාමය ක්‍රියාත්මක වනු ඇති බවයි, කථානායකවරයා මීට ටික වේලාවකට පෙර ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කළේ.

    ඒ අනුව ශ්‍රී ලංකා ඉතිහාසයේ ධුරයෙන් ඉල්ලා අස්වූ පළමු ජනාධිපතිවරයා බවට ගෝඨාභය රාජපක්ෂ පත්වනවා.

    Last modified on සිකුරාදා, 15 ජූලි 2022 10:56

    Latest News