පාර්ලිමේන්තුව වහා කැඳවන ලෙස කතානායක ජනපතිගෙන් ඉල්ලයි

මැයි 10, 2022

    පාර්ලිමේන්තුව වහා කැඳවන ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තාවේ.

    රට තුළ මතුව ඇති තත්වය සම්බන්ධයෙන් සහ ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අද (10) රැස්වන පක්ෂ නායක රැස්වීමේදී තීරණයකට එළඹීමට නියමිත බවයි වාර්තා වන්නේ.

    ඊයේ දිනයේ මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් වීමත් සමග ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුව කැඳවීමට කතානායකවරයාට තිබූ බලය නැවත ජනාධිපතිතුමා වෙත හිමිවේ. ඒ අනුව නව අග්‍රාමාත්‍යවරයෙක් සභානායකවරයෙකු සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයෙකු පත් කර ගැනීම අනිවාර්ය වේ.

    ඒ පිළිබඳ සාකච්ඡා කිරීම අද පැවැත්වෙන් පක්ෂ නායක රැස්වීමේ දී සාකච්ඡාවට ලක් වනු ඇති.

    Latest News