පාර්ලිමේන්තුව වහා කැඳවන ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තාවේ.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ අලුත් අවුරුදු පණිවිඩය

පා.ම. රන්ජන් රාමනායක විසින් දුරකතන සංවාද ඇතුළත් හඬපට කිසිවක් මෙතෙක් පාර්ලිමේන්තුවට ලබාදී නැති බව කතානයකවරයා යළි දැනුම් දෙයි.

2015 සැප්තැම්බර් මස ආරම්භ වුණු ශ්‍රි ලංකාවේ 08 වන පාර්ලිමේන්තුව කාලය තුළ ඉටුකළ සේවය ගැන සතුටු විය හැකි බවත්, ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරිමට විශාල කාර්ය භාරයක් ඉටුව ඇති බවට ලෝකයේ පිළිගැනීම බව, කථානායක කරු ජයසුරිය මහතා පැවසීය.

කථානායක කරුජයසුරිය මහතා අද පෙරවරුවේ මහනුවරට ගොස් මල්වතු, අස්ගිරි හා රාමාඤ්ඤ මහානායකහිමියන් බැහ දැක ආශිර්වාද ලබා ගත්තේය.

නිතීවිරෝධි සහ ප්‍රජාතන්ත්‍ර විරෝධි ක්‍රියාවලිය වැනි සිද්ධියක් යලි ඇති වුවහොත් කථානායකවරයා සිය ධුරයෙන් ඉවත්වන බවට අද (26) ඇතැම් මුද්‍රිත සහ සමාජ මාධ්‍ය කිහිපයක පළව ඇති නිසි මුලාශ්‍රයක් පදනම් නොවු පුවත සාවද්‍ය බව කථානායක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.

නීතිය අනුව ඕනෑම කෙනෙකුට පාර්ලිමේන්තුවෙන් කැඳවීමක් ලැබුණොත් යා යුතු යි කතානායක කරූ කයසූරිය මහතා පවසයි.

ජනාධිපතිතුමා සමග සිදු කළ අදහස් හුවමාරුවකින් පසු, අද සවස පැවැත්වෙන සර්ව පාක්ෂික හමුවට කතානායකවරයා සහභාගි නොවීමට තීරණය කර ඇතැයි, කතානායක මාධ්‍ය අංශය පවසයි.

පාර්ලිමේන්තුවේ අද පැවති තත්වය පිළිබඳව කථානායක මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
උපුටා ගැනීම...
2018 නොවැම්බර් මස 15 වැනි බ්‍රහස්පතින්දා පස්වරුවේ ගරු ජනාධිපතිතුමා සමඟ ගරු කථානායකතුමා ඇතුලු පක්‍ෂ නායකයන් පවත්වන ලද සාකච්ජාවේදී එළඹුනු තීරණය අනුව, අද දින පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරිපත් කරන ලදුව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු විජිත හේරත් මහතා විසින් ස්ථිර කරන ලද මෙහි පහත සඳහන් යෝජනාව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට අනුව, අද දිනම පාර්ලිමේන්තුවේදී සම්මත වූ බවට ගරු කථානායකතුමා විසින්, ගරු ජනාධිපතිතුමා වෙත නිල වශයෙන් දන්වා යැවීමට අද පස්වරුවේ පියවර ගනු ලැබිණ. එම විශ්වාසභංගයට සහය පළ කරමින්, පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් එකසිය විසි දෙදෙනෙකු විසින් අත්සන් තබන ලද ලේඛණය ද ඒ සමඟ ගරු ජනාධිපතිතුමන් වෙත යැවීමට පියවර ගනු ලැබිණ.
කථානායක මාධ්‍ය අංශය.
උපුටා ගැනීම අවසන්.
කථානායක, එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්‍ෂ හා දෙමළ ජාතික සන්ධාන නියෝජිතයන් ඊයේ සවස ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවුණා. එහිදී සඳහන් කෙරුණේ,පාර්ලිමේන්තු සම්ප්‍රදාය ගරු කරමින් තම බහුතරය නියමානුකූලව පෙන්වා සිටින ලෙස ජනාධිපතිතුමා, ඔවුන්ට දැනුම් දුන් බවයි. ඡන්ද විමසීම මන්ත්‍රීවරුන්ගේ නමින් සිදු කරන ලෙස ජනාධිපතිතුමා නියෝජිත පිරිසට දන්වා සිටියා.

ඊට අනුව, පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන්නැයි ප්‍රකාශ කළ ජනාධිපතිතුමා, ඒ සම්බන්ධයෙන් ව්‍යවස්ථානුකූලව කටයුතු කළ හැකි බව නියෝජිත පිරිසට දැනුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය ඊයේ නිකුත් කළ නිවේදන‍යේ සඳහන්. එසේම, පාර්ලිමේන්තුව තුල සාමය තහවුරු කරමින්, ප්‍රජාතන්ත්‍රවාදය සහ ස්ථාවර නියෝගවලට අනුව කටයුතු කරන ලෙස ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පාර්ශ්වවලින් ඊයේ ඉල්ලා සිටියා.

ඊයේ පස්වරුවේ පැවති හමුවේදී ඇති කරගත් එකඟතාවන් කඩවන අයුරින් කථානායකවරයා ක්‍රියා කිරීම අද පාර්ලිමේන්තුව තුල අර්බුදය ඇතිවීමට හේතුවී තිබෙනවා. විශේෂයෙන් ස්වාධීන පුද්ගලයෙකු වන කථානායකවරයා, පක්‍ෂ රැස්වීමට සහභාගිවීම සම්ප්‍රදායට පටහැනි බව නීතිය පිළිබඳ මහාචාර්ය දිනේෂ් කේ.ගුණසේකර මහතා පවසනවා.

ඊයේ පැවති රැස්වීමට සහභාගිවීම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැමිණ සිටි අතර, මෙය එක්සත් ජාතික පක්‍ෂයේ රැස්වීමක් බව පවසමින් ඔහු හමුවට සහභාගි නොවී පිටත්ව ගිය බවයි වාර්තා වන්නේ. කථානායකවරයාගේ ක්‍රියා කලාපය මුළුමණින්ම ව්‍යවස්ථා විරෝධි බව නීතිය පිළිබඳ මහාචාර්ය දිනේෂ් කේ.ගුණසේකර මහතා පවසනවා.

 

 

 

කතානායකවරයා ව්‍යවස්ථා විරෝධි ආකාරයෙන් කටයුතු කරන බවට, එක්සත් ජනතා නිදහස් සන්ධානය චෝදනා කරනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කෙරිණ.

Latest News