ගෘහසේවයට ගිය 60ක් කුවේටයෙන් පිටුවහල් කෙරේ

ජූලි 28, 2023

    කුවේට් රාජ්‍යයේ වීසා නොමැතිව රැඳී සිටි ශ්‍රී ලාංකික ගෘහසේවිකාවන් හැටදෙදෙනෙකු එරටින් පිටුවහල් කර තිබෙනවා.

    ඔවුන් අද අළුයම කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළින් මෙරටට පැමිණියා.

    59 දෙනෙකු ගෘහ සේවිකාවන් වන අතර, අනෙක් තිදෙනා පිරිමි ගෘහ සේවකයින් වනවා. ඔවුන් ගෘහ සේවය සඳහා ගිවිසුම්ගතවූ නිවෙස්වලින් පළා ගොස් විවිධ ස්ථානවල රැකියා කරමින් සිටි පිරිසක් බවයි කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලාංකි තානාපති කාර්යාල ප්‍රකාශකයෙකු කියා සිටියේ.

    Latest News