දඹුල්ලට නව විසිතුරු මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානයක්

ජූලි 28, 2023

    දඹුල්ල වල්ගමවැව ප්‍රදේශයේ ඉදි කෙරුණු විසිතුරු මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානයක් පසුගියදා විවෘත කෙරුණා.

    ජපානයේ කවසාකි නගරයේ පදිංචිව සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීම විශේෂත්වයක්.

    ඊට වැය කර ඇති මුදල රුපියල් කෝටි 48 ක්. මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානය විවෘත කෙරුණා. මෙහි අභිජනනය කෙරෙන ජපන් කොයි නමැති මත්ස්‍ය විශේෂයට ලොව බොහෝ රටවල විශාල ඉල්ලුමක් පවතිනවා. එමෙන්ම, ඉතා ඉහළ මිල ගණන්වලට එම මත්ස්‍යයින් අළෙවි කෙරෙනවා. මෙම මසුන් සඳහා ඉන්දියාවෙන් විශාල ඉල්ලුමක් පවතින බවයි එම ව්‍යාපෘතියේ නිර්මාතෘ අමිල ඉන්දික බණ්ඩාර මහතා පවසන්නේ. ඉදිරියේදී ප්‍රදේශයේ තරුණ තරුණියන්ට එම මසුන් ඇති කිරීම සඳහා පහසුකම් ලබාදී එම මත්ස්‍යයින් යළි මිලදී ගැනීමට සැලසුම් කර ඇති බව ඒ මහතා පවසනවා. අමිල මහතා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ, ජපන් මිතුරන් පිරිසක් සමග එක්වයි.

    මම ජපානයේ කොයි මාලුවා ගැන සොයා බැලුවා. ජපානයේ ඊගතාවල ඉන්න කොයි මාලුවා තමයි ලෝකයේ ඉන්න හොඳම කොයි මාලුවා. මම ඉපදුරේ ඊගතාවල. ඒ මගේ ගම. කොයි මාලුවාගේ උපන් බිම වෙන්නෙත් ඊගතා.

    ලංකාවේ සුරතල් මසුන් ඇති කරන්න කැමති කට්ටියට මේ ව්‍යාපෘතිය ගැන කියල දීලා හරි විදියට මේ මාළු හදන එක්කෙනෙක් හැදුනොත් ඒ සතුට මට ඇති.

    මම වෘත්තියෙන් ජාන විශේෂඥයෙක්. මම පවත්වාගෙන යන විද්‍යාගායේ විවිධ කොයි මාලු වර්ගවල ජාන පරීක්ෂා කරල තියෙනවා. මට පුළුවන් ඒ ජාන විශ්ලේෂණයෙන් අලුත් කොයි මාළුවෙක් හදන්න. එමගින් අපට මේ ව්‍යාපෘතිය බොහෝ සාර්ථක කර ගත හැකියි.

    Latest News