විදෙස් ශ්‍රමිකයන්‌ සඳහා 'සහන'‌ රක්‍ෂණ සහ සුබසාධන ක්‍රමය‌ (වීඩියෝ)

ජූලි 16, 2020
  • විදේශයන්හි සේවය කරන ශ්‍රමිකයන්‌ සඳහා 'සහන' නමින්‌ විදේශ රැකියා රක්‍ෂණ සහ සුබසාධන යෝජනා ක්‍රමයක්‌ හඳුන්වා දීමට රජය පියවර ගෙන තිබේ.

    ඒ සඳහා වූ අවබෝධතා ගිවිසුම හුවමාරු කර ගැනීම අද සිදු කෙරුණා. මේ සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය යටතේ ලියාපදිංචි සියලුම ශ්‍රමිකයන්‌ ඇතුළත්‌ වනවා. විදේශයන්හි සේවය කරන අතරතුර කිසියම්‌ හේතුවක්‌ නිසා ජීවිත අහිමිවීමක්‌, පූර්ණ හා සදාකාලික අබලතාවක්‌ සහ ශ්‍රී ලංකාවට පැමිණීමෙන්‌ පසු සිදු කරන වෛද්‍ය වියදම්‌ මින්‌ ආවරණය කර ගත හැකියි. වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්‌ සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයයි. ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්‌ සභාපති ජගත් වැල්ලවත්ත හා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කමල්‌ රත්වත්තේ යන මහත්වරුන්‌ අද පැවති උත්සවයට එක්වුණා.

    Last modified on බ්‍රහස්පතින්දා, 16 ජූලි 2020 19:54

    Latest News