ඊයේ ආසාදිතයින්ගෙන් 16ක් කුවේට් සිට පැමිණි අය

ජූනි 08, 2020

    ඊයේ (07) දිනය තුළ ආසාදිතයින් 21දෙනෙක් හඳුනා ගත් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

    ඒ අනුව, මෙරට සමස්ත කොව්ඩ් නයින්ටීන් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1835ක්. ඔවුන්ගෙන් 16 දෙනක් කුවේට්හි සිට පැමිණ ත්‍රිකුණාමලය සහ මින්නේරිය නිරෝධායන මධ්‍යස්ථානවල රැඳී සිටි පුද්ගලයන් වෙයි.

    බ්‍රිතාන්‍යයේ සිට පැමිණි දෙදෙනෙක් හා බංග්ලාදේශයේ සිට පැමිණ රන්ටැඹේ නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වු අයෙක් ඊයේ හඳුනා ගත් ආසාදිතයින් අතර වෙයි. තවත් දෙදෙනෙක් කටාර්හි සිට පැමිණ අම්පාර නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටි අයයි.

    Latest News