බැලුම්ගල ආශ්‍රිත ගින්නකින් අක්කර 20 ක පමණ විනාශ වෙයි

ජූලි 28, 2023

    වැලිමඩ බැලුම්ගල ගල්මුල්ලකන්ද ආශ්‍රිත ගින්නකින් අක්කර 20 ක පමණ භූමි ප්‍රදේශයක් විනාශ වී තිබෙනවා.

    කිසියම් පුද්ගලයෙකු ඊයේ රාත්‍රී ගිනි තබන්නට ඇතැයි අනුමාන කෙරෙනවා.‍

    ප්‍රදේශවාසීන් පවසන්නේ, ඇතැම් පුද්ගලයන් හුදු විනෝදය පිණිස මෙලෙස ගිනි තැබීම් සිදු කරන බවයි. ගින්නෙන් ගොවීන්ගේ කෘෂි උපකරණ හා ජලනල ආදියටද හානි සිදුව තිබෙනවා. බදුල්ල දිස්ත්‍රික්කයේ වනාන්තර ආශ්‍රිත ගිනි තැබීම්වලින් මේ වන විට අක්කර සියගණනක් විනාශ වී ඇති බවයි දිස්ත්‍රික් ආපදා කළමණාකරන ඒකකය පවසන්නේ.

    Latest News