බන්ධනාගාර ආරක්‍ෂාවට STF ඉල්ලයි

පෙබ 01, 2019

    වැලිකඩ,මැගසින් සහ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරවල ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ සේවා ලබා දෙන ලෙස ඉල්ලමින් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය, ආරක්ෂක ලේකම්වරයා වෙත ලිපියක් යොමු කර තිබේ.


    මත්ද්‍රව්‍ය ඇතුලු නීතිවිරෝධී ද්‍රව්‍ය බන්ධනාගාර තුළට ගෙන යාම වැළැක්වීම සඳහා මෙම විශේෂ බලකා නිළධාරින්ගේ සේවාව ලබා දීම වැදගත් වන බව මෙම ලිපිය මගින් බන්ධනාගාර දෙපාර්තමේන්තුව අවධාරණය කර ඇත.‍

    මේ වන විට අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ පමණක් පොලිස් විශේෂ කාර්ය බලකායේ සේවා නිළධාරින් යොදවා ඇති අතර එම නිළධාරින් විසින් තහනම් ද්‍රව්‍ බන්ධනාගාරය තුළට යාම වළක්වාලමින් දැඩි පරික්ෂා කිරීම් සිදු කරයි. අවස්ථා ගණනාවකදීම මෙම පරික්ෂා කිරීම්වල දී එවැනි ද්‍රව්‍ය අත්අඩංගුවට ද ගෙන තිබේ.

    මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී බන්ධනාගාර අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් බන්දුල ජයසිංහ මහතා පැවැසුවේ මෙම ලිපියට ආරක්ෂක ලේකම්වරයාගෙන් ඉක්මන් ප්‍රතිචාර ලැබෙනු ඇති බවයි. රජයේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට බන්ධනාගාරය තුළින් ද විශාල කාර්ය භාරයක් ඉටු කළ යුතුව ඇති බැවින් මෙම පියවර ගත යුතුව ඇතැයි ද ඒ මහතා ප්‍රකාශ කරයි.

    Last modified on සිකුරාදා, 01 පෙබරවාරි 2019 17:59

    Latest News