STF ආධුනික සෙබලු 191 විසිර යති

නොවැ 10, 2022

    පොලිස් විශේෂ කාර්ය බලකායේ 81 වැනි මූලික ආධුනික පුහුණු පාඨමාලාව නිම කළ තවත් කණ්ඩායමක් ඊයේ විසිර ගියා.

    විසිරයාමේ පෙළපාලිය පැවැත්වුණේ, කළුතර කටුකුරුන්ද පොලිස් විශේෂ කාර්ය බලකා පුහුණු පාසලේදී.

    ආධුනික සෙබලුන් 191 දෙනෙකු මීට ඇතුළත්. රැපලින්, තූර්යවාදක, යතුරුපැදි සංදර්ශන සහ විවිධ ආරක්ෂක ක්‍රියාකාරකම් ඇතුළත් සංදර්ශනයකින්ද විසිරයාමේ පෙළපාලිය අලංකාරවත් වුණා. දක්ෂතම වෙඩික්කරු ලෙස කුසලානය දිනා ගත්තේ, කේ.ඩී.ඩී.අයි.මධුසංකයි. විශිෂ්ටතම ආධුනික පොලිස් කොස්තාපල්වරයා ඩී.ඩී.දර්ශනයි. මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එස්.හෙට්ටිආරච්චි මහතා සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක්ද විසිරගිය සෙබලුන්ගේ පවුල්වල සාමාජිකයන් ඇතුළු පිරිසක්ද උත්සවයට එක්ව සිටියා.

    Latest News