ඉරානයේ බන්ධනාගාරයක ගින්නක්

ඔක් 16, 2022

    ඉරානයේ "එවින්" බන්ධනාගාරයේ ගින්නක් හටගෙන තිබෙනවා.  ඊයේ රාත්‍රී ගින්න හටගත් බවයි,  එරට මාධ්‍ය වාර්තා කළේ.

    එවින් බන්ධනාගාරය කුප්‍රකටව ඇත්තේ,  දේශපාලන සිරකරුවන්, මාධ්‍යවේදීන් සහ විදේශීය පුරවැසියන් සිරගතකොට ඇති ස්ථානයක් ලෙසයි.

    ටෙහෙරාන් අගනුවර පිහිටි බන්ධනාගාරයෙන් දැවැන්ත දුමාරයක් නිකුත්වන අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.  ඒ තුළින් වෙඩි හඬ සහ පිපිරීම් ද ඇසුනු බවයි වාර්තා වන්නේ. 

    මේ වන විට ගින්න පාලනය කර ඇති බව,  බන්ධනාගාර බලධාරින් පවසනවා. කෙසේ වුවද,  තවමත් ගිනි දැල් පවතින බව, විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.  ඉකුත් සති කිහිපය පුරා ඉරානයේ දැවැන්ත විරෝධතා පවතින්නේ පොලිස් භාරයේ සිටි කාන්තාවක මිය යාමට ‍එරෙහිවයි.  එම විරෝධතාවන්හිදී අත්අඩංගුවට ගැනු ලැබූ පුද්ගලයින් සිය ගණනක් ද එවින් බන්ධනාගාරය වෙත යොමුකර ඇතැයි වාර්තා වනවා.

      මේ නිසා බන්ධනාගාරයේ හටගත් ගින්න සහ එරට විරෝධතාවල සම්බන්ධයක් ඇති බවට එරට ඇතැම් මාධ්‍ය වාර්තා කළා.  ගින්නෙන් 08 දෙනෙකු තුවාල ලබා ඇති බවට පමණයි මෙතෙක් තොරතුරු වාර්තාවන්නේ. සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. 

    Last modified on ඉරිදා, 16 ඔක්තෝබර් 2022 11:34

    Latest News