'හාල් සමීර' STF අත්අඩංගුවට

අගෝ 23, 2022

    දිවයිනපුරා  සිදු වූ අපරාධ රැසකට සම්බන්ධ "සමීර සම්පත් ප්‍රනාන්දු" හෙවත් "හාල් සමීර" නැමැත්තා, පොලිස් විශේෂ බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා.‍ ‍මොහු, මහ පරිමාණයෙන් සහල් එක්  රැස් කොට, ඒ සඳහා අගරු වූ චෙක් පත් නිකුත් කිරීම ඇතුළු රුපියල් දොකෝටි 50 ලක්ෂයක මූල්‍ය වංචා සම්බන්ධ සැකකරුවෙකු බවයි,  පොලීසිය පවසන්නේ.

    විශේෂ කාර්ය බලකා බුද්ධි අංශයේ අධීක්ෂණය යටතේ වැටලීම සිදු කළා. එහිදී මිනුවන්ගොඩ - පත්තඬුවන ප්‍රදේශයේ දී 36 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගැනුණා. ඔහු, අවස්ථා ගණනාවක දී නීති විරෝධි ක්‍රියා සම්බන්ධයෙන් බන්ධනාගාර ගත වී සිටියා. 

    කටාන, කොච්චිකඩේ හා  මීගමුව ප්‍රදේශවලදී  නීතිවිරෝධි අයුරින් මුදල් එක්  රැස් කරමින්  ජනතාව බිය වැද්දූ පුද්ගලයෙකු බවයි, විශේෂ කාර්ය බලකාය පවසන්නේ. සැකකරු රැඳී සිටි නිවසේ තිබී ඉතාලියේ නිෂ්පාදිත රිවෝල්වර් අවි දෙකක්, පතොරම් තුවක්කුවක්, මිලිමීටර 9 හා දශම 3යි 8 වර්ගයේ ජීව උණ්ඩ 12 ක්, බෝර 12  වර්ගයේ උණ්ඩ 11 ක් හා  තහනම් පිහියක් අත්අඩංගුවට ගැනුණා. 

    නාවුල, මාරවිල, දෙහිඅත්තකණ්ඩිය, ත‍ඹුත්තේගම, මිනුවන්ගෙඩ, කුලියාපිටිය, මහව, හම්බන්තොට හා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණවල සැකකරුට එරෙහිව මූල්‍ය වංචා හා අපරාධ සම්බන්ධ නඩු විභාග වී තිබෙනවා.  සැකකරු ඉදිරි විමර්ශන සදහා  මිනුවන්ගොඩ පොලීසිය වෙත බාර දී තිබෙනවා.

    Latest News