වැලිකඩ ජේලර්වරියක් STF අත්අඩංගුවට

අගෝ 17, 2022

    වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා ජේලර්වරියක් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

    එම ජේලර්වරිය සන්තකයේ තිබූ ඖෂධ පෙති කිහිපයක් පරීක්ෂා කිරීමට යාමේදී ඒවා මුව තුළ සඟවා ගැනීමට උත්සහ දරා තිබෙනවා. 

    අනතුරුව ඉමහත් පරිර්ශ්‍රමයක් දරා එම පෙති සමග ඇය අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් කටයුතු කළා. 

    එම පෙති ඖෂධීය පෙතිද, මත් පෙතිද යන්න පරීක්ෂා කිරීම සඳහා බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන් වෙත ඉදිරිපත් කර තිබෙනවා.

    Latest News