නීතිපති දෙපාර්තමේන්තුවේ 425කටත් කොවිඩ් එන්නත

පෙබ 18, 2021

    නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරින් 425 දෙනෙකුට කොරෝනා මර්දන එන්නත් ලබා දීමට පියවර ගෙන තිබේ. කාර්ය මණ්ඩලය හා නීති නිලධාරීන් මීට අයත්.

    ඒ අනුව අද දිනයේදී කොවිඩ් එන්නත් ලබා දෙනු ඇතැයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණී රජයේ නීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය ප්‍රකාශ කළාය.

    නීතිපතිවරයා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් කළ ඉල්ලීමකට අනුවයි,එන්නත ලබාදීම සිදු කෙරුණේ.

    Latest News