අවුරුදු 18 - 30ත් අතර අයට කොවිඩ් එන්නත ඔක්තෝබර් මාසයේ

අගෝ 17, 2021

    අවුරුදු 18 ත් 30 ත් අතර වයස් සීමාවල පසුවන පුද්ගලයින් සදහා කොරෝනා මර්දන එන්නත ලබාදීම ඔක්තෝම්බර් මාසයේ සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    මේ වනවිට, මෙරට පුද්ගලයින් එක් කෝටි දහඅට ලක්‍ෂ 79,000 කට අධික පිරිසකට කොරෝනා මර්දන එන්නතේ පළමු මාත්‍රාව ලබාදී තිබේ. ඉන් දෙවන මාත්‍රාව ලබාදී ඇති පුද්ගලයින් සංඛ්‍යාව හතළිස් හය ලක්‍ෂ 16,266 ක්.

    යුද හමුදාපතිවරයා පවසන්නේ, වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයින් සියලු දෙනාට සැප්තැම්බර් මස අග වනවිට එන්නත් මාත්‍රා දෙකම ලබාදී අවසන් කිරීමට සැලසුම් කර ඇති බවයි.

    ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ඊයේ ලබා ගත් පිරිස 4,235ක්. ඊයේ එහි දෙවැනි මාත්‍රාව 826 දෙනෙකු ලබා ගෙන තිබේ. සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව 48,764 දෙනෙකු ඊයේ ලබා දී ඇති අතර එහි දෙවැනි මාත්‍රාව ලබා ගත් පිරිස දෙලක්ෂ 26,516ක්.

    ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව 84 දෙනෙකුට සහ දෙවැනි මාත්‍රාව 4,863 දෙනෙකු ඊයේ ලබාදී තිබේ.
    ඉකුත් දින 7 තුළ මෙරට ජනතාවට ලබාදී ඇති එන්නත් මාත්‍රාව සංඛ්‍යාව 2,209 659ක්. ඊයේ පමණක් එන්නත් මාත්‍රා දෙලක්ෂ 85,288ක් ලබාදී තිබේ.

    Last modified on අඟහරුවාදා, 17 අගෝස්තු 2021 16:46

    Latest News