ජනතාවගේ ව්‍යවස්ථානුකූල අයිතීන් උල්ලංඝනය කරමින් සාමාකාමී විරෝධතාවට නීතිවිරෝධි අයුරින් කඩා වැදීමේ සිද්ධියට නායකත්වය දුන් හා සම්බන්ධ වූ සියලු දෙනාට එරෙහිව අපරාධ චෝදනා ගොනු කිරීම සඳහා වහාම පූර්ණ විමර්ශනයක් සිදුකරන ලෙස නීතිපති ජනාධිපති නීතිඥ සංජේ රාජරත්නම් මහතා පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ.

2019 අප්‍රියෙල් 21 පාස්කු ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් පොලිස්පතිවරයාගෙන් කරුණු විමසීමක් කර තිබේ.

බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට පත්කළ කණ්ඩායම පිළිබඳ ව වහාම තමාට තොරතුරු ලබාදෙන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට ලිඛිත උපදෙස් දී තිබේ.

පසුගිය රජය සමයේ සිදුවූ ප්‍රශ්න ගත බැඳුම්කර නිකුතුවට අදාලව පුද්ගලයින් සිව් දෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගන්නා ලෙස නීතිපතිවරයා, වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍ර‍සේන මහතා සහ ඇගේ බිරිඳ මුදල් විශුද්ධීකරණ චෝදනා යටතේ වරෙන්තුවක් ලබාගෙන අත්අඩංගුවට ගන්නැයි, නීතිපතිවරයා විසින් කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබේ.

නීතිපති දෙපාර්තමේන්තුවේ සොලිසිටර් ජනරාල් දිල්රුක්‍ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියගේ වැඩ තහනම් කර තිබේ.

සොලිසිටර් ජනරල් දිල්රුක්‍ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය සහ ඇවන්ගාඩ් මැරිටයිම් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති අතර පැවති දුරකතන සංවාදය සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පැවැත්වීමට නීතිපති දප්පුල ලිවේරා මහතා විසින් අද (23) රාජ්‍ය සේවා කොමිසමෙන් ඉල්ලීමක් කර තිබේ.

අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ දිල්රුක්ෂි ඩයස් මහත්මිය සිදු කළ බව කියන ප්‍රකාශය සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් ප්‍රකාශයක් ලබාදිය යුතු බව අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය පවසයි.

Latest News