රු.කෝටි 2 ක ගංජා යාල රක්ෂිතයෙන් හමුවෙයි

පෙබ 18, 2021

    යාල රක්ෂිතයේ තිබී ගෝනි 30 ක දමා තිබූ ගංජා තොගයක් සොයාගෙන තිබේ. එහි වටිනාකම රුපියල් කෝටි 2කට අධිකයි.

    එම ගංජා අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබියදී අත්අඩංගුවට ගත් බවයි, ඌව පළාත් වනජිවී සහකාර අධ්‍යක්ෂ උපුල් ඉංද්‍රජිත් මහතා සඳහන් කළේ.එලෙස සොයාගනු ලැබූ ගංජා තොගයේ බර කිලෝග්‍රෑම් 350 කි.

    සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

    Latest News