මධ්‍යම අධිවේගී මාර්ගය දඹුල්ල දක්වා දිර්ඝ කරනවා..අගමැති

දෙසැ 20, 2020

    මධ්‍යම අධිවේගී මාර්ගය දඹුල්ල දක්වා දීර්ඝ කරන බව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

    රට හදන සෞභාග්‍යයේ දැක්ම ජාතික ප්‍රතිපත්තියට සමගාමීව රන් බිම ඔප්පු දස දහසක් බෙදා දීමේ ජාතික වැඩසටහනේ වයඹ පළාත් ඔප්පු ප්‍රදානයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

    වයඹ පළාත් ඔප්පු ප්‍රදානය පැවැත්වුණේ,කුරුණෑගල රන්සර උත්සව ශාලාවේදී. රන්බිම ඔප්පු දස ලක්ෂයක් ප්‍රදානය කිරීමේ වැඩසටහන,ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මගින් ක්‍රියාත්මකයි. ඒ යටතේ ඊයේ ඉඩම් හිමිකම් නොමැති 400 දෙනෙක්ට නීත්‍යානුකූල ඔප්පු ප්‍රදානය අග්‍රාමාත්‍යවරයා අතින් සිදු කෙරිණ.

    Latest News