ශ්රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තෙවැනි පන්දුවාර 20-20 තරගය අද (21) පස්වරු 7.00ට දඹුල්ල ක්රීඩාංගණයේ දී ආරම්භ වනවා.

දඹුල්ල ප්‍රදේශයේ දී පොලිස් බාරයට ගැනුණු පොල්තෙල් තොගය,පුද්ගල පරිභෝජනයට නුසුදුසු ද යන්න තහවුරු කර ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මකයි.

සමෘද්ධි හිමිකම්ලාභී හා අඩු ආදයම්ලාභී පවුල් සඳහා විදුලිය ලබා දීමට රජය විසින් දියත් කරන දැයට එළිය ව්‍යාපෘතිය මේ දිනවල දිවයින පුරා ක්‍රියාත්මකයි.

මධ්‍යම අධිවේගී මාර්ගය දඹුල්ල දක්වා දීර්ඝ කරන බව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

වාණිජ නගරයක් ලෙස සංවර්ධනය වූ දඹුල්ල නගර හා අවට ජනතාව වෙනුවෙන් දඹුල්ල රෝහලට සියලු පහසුකම් සහිත නවීන හදිසි ප්‍රතිකාර ඒකකයක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය විසින් ලබාදෙන බව ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පැවසුවේය.

මිනිස් පරිභෝජනයට නුසුදුසු ආනයනික ලොකු ලූණු කිලෝ ටොන් 25ක් නැවත වෙළෙඳ පොළට නිකුත් කිරීමට සකසමින් සිටිය දී සොයා ගැනීමට දඹුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා ඇතුළු මහජන සෞඛ්‍ය පරීක්ෂක කණ්ඩායමක් සමත් විය.

කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා , අද දහවල් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණියේය.

දඹුල්ල සහ ඒ අවට ප්‍රදේශවල මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු නව දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගැනිණ.

කිසිදු ලියාපදිංචියකින් තොරව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය දෙපස ගබඩා පවත්වාගෙන යන මුවාවෙන් කෙරෙන අල ලූනු අලෙවි මාෆියාවකට එරෙහිව නීතිය ක්‍රීයාත්මක කිරීමට පියවර ගැනේ.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ විසි වසරක් මුදල් අය කළ වැසිකිලි කැසිකිලි, රථවාහන ඇතුළත් කිරීමේ සහ දියනෑමේ ගාස්තු අද (09) සිට ඉවත් කර ඇතැයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමය පවසයි.

Latest News