මීරිගම-කුරුණෑගල අධිවේගී මාර්ගයේ වාර්තාගත ආදායමක් (වීඩියෝ)

ජන 17, 2022
  • මීරිගම-කුරුණෑගල අධිවේගී මාර්ගයේ පැය 12ක් ඇතුළත වාර්තාගත ආදායමක් ලැබී ඇතැයි, අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසනවා.



    මාධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියරේ මීරිගම-කුරුණෑගල කොටස පසුගිය 15 වැනි දා ජනතා අයිතියට පත් කෙරුණා. ඒ අනුව ඊයේ දහවල් 12.00 සිට රාත්‍රී 12.00 දක්වා ඉපයූ ආදායම 28 ලක්ෂයකට අධිකයි.

    මධ්‍යම අධිවේගී මාර්ගයේ ඇතුගල්පුර පිවිසුම ජනාධිපතිතුමාගේ සහ අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 15 දා ජනතා අයිතියට පත් පත් කෙරුණා. ඉන්පසුව මීරිගම සිට කුරුණෑගල ගැට්ටුවාන පිවිසුම දක්වාත් ගැට්ටුවාන සිට මීරිගම දක්වාත් මහජනතාවට පසුගිය සෙනසුරාදා (15) මධ්‍යම රාත්‍රියේ සිට ඉරිදා (16) දහවල් 12 දක්වා නොමිලේ ගමන් කිරීමට අවසර ලබා දුන්නා.

    ඒ අනුව ඉරිදා (16) දහවල් 12.00 සිට රාත්‍රී 12.00 දක්වා එම කාලය තුළ රු. 2,805,100.00 ක ආදායමක් උපයා ඇති බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළා. එමෙන්ම කාලය තුළ අධිවේගී මාර්ගයේ වාහන 13,583 ක් ගමන් කර ඇති අතර කිසිඳු රිය අනතුරක සිදු වී නොමැති බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළා.

    Last modified on සදුදා, 17 ජනවාරි 2022 17:17

    Latest News