ඊයේ මෙරටින් ආසාදිතයින් 618ක්..කළුතරින් 150ක්

දෙසැ 20, 2020

    මෙරට සුවය ලැබූ කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව 27,552ක් දක්වා ඉහළ ගොස් ඇතැයි,සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුර ආශ්‍රිතව වාර්තා වූ ආසාධිතයන්ගෙන් පූර්ණ සුවය ලැබූ පිරිස 24,000කට අධිකයි.

    රෝගය වැළඳී මෙතෙක් පූර්ණ සුවය ලැබූ පිරිසේ ප්‍රතිශතය 75.14ක්. ප්‍රතිකාර ලබමින් සිටින පිරිස 24.39%ක්. ඊට 8,944 දෙනෙක් අයත්.

    මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුර ආශ්‍රිතව හඳුනා ගත් රෝගීන් සංඛ්‍යාව 32,994ක්. එයින් 24,144 දෙනෙක් සුවය ලබා තිබේ.

    ප්‍රතිශතයක් ලෙස එය 73.18ක්. තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින්නේ, 8,850 දෙනෙක් පමණයි.

    මෙරටින් කොවිඩ්-19 රෝගය වැළඳුනු තවත් 618 දෙනෙක් ඊයේ හදුනා ගැනිණ. ඔවුන් පෑලියගොඩ කොවිඩ් පොකුර ආශ්‍රිතව වාර්තා වූ රෝගීන්ගේ සමීපතමයින්. පූර්ණ සුවය ලබා ඊයේ පමණක් රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 491ක්.

    කළුතර නගර ආසන්න ‍ප්‍රදේශ‍යෙන් පසුගිය දින දෙකේ දී කොවිඩ් 19 රෝගීන් 150 දෙනෙක් වාර්තාවීම හේතුවෙන් කළුතර දකුණ,හීල්වීදිය,කුරේ පාර,මොස්ක් වීදිය හා ධම්මාරාම පාර ඊයේ රාත්‍රී සිට හුදෙකලා කර තිබේ.

    Latest News