ඉන්දීය ගොවිපොළවලින් බිත්තර ආනයනය කිරීමට ද කැබිනට් අනුමැතිය හිමිවුණා.

ශ්‍රීලංකන් ගුවන් සේවය හි ශ්‍රීලංකන් හොලිඩේස් අංශය සහ BMICH ආයතනය දිවයිනේ MICE සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා නව ගිවිසුමකට එළඹ තිබේ.

අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසු බිදවැටුණු ශ්‍රී ලංකා ආර්ථිකය යථා තත්ත්වයට පත් වෙමින් ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

කොරෝනා වෛරස් නිව්මෝනියාව පැතිර යමින් පවතින චීනයේ වූහාන් නගරයේ වෙසෙන ශ්‍රී ලාංකික සිසුන් සියලු දෙනා වහාම ආපසු ගෙන්වා ගැනීමට විධිවිධාන සලසන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා විදේශ සබඳතා අමාත්‍යාංශයට උපදෙස් දී තිබේ.

ගුවන් මගීන්ගේ පරිහරණය සඳහා ලබා දෙන ජල කෝප්පයකට අධික මිලක් ගෙවන බවට පළ වී ඇති වාර්තා මුළුමනින්ම අසත්‍ය බව ශ්‍රි ලන්කන් ගුවන් සමාගම පවසයි.

Gamer.LK විසින් පසුගියදා සංවිධානය කරන ලද වෙළඳ සේවා Esports ශූරතාවලියේදී විවිධ සංවිධානවල දැඩි තරඟකාරිත්වය හමුවේ ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ඉලෙක්ට්‍රොනික් ක්‍රීඩා කණ්ඩායම විශේෂ දස්කම් රැසක් පෙන්නුම් කරන ලදී.

එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරී සඳහා මාලි රාජ්‍යය තුළ ස්ථාපිත කර ඇති සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායමෙහි රාජකාරී සඳහා නිලධාරීන් 20 දෙනෙකු සහ සෙසු නිලයින් 223 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් 2019 නොවැම්බර් මස 12 සහ 13 යන දිනයන්හි දී දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

ජපානයේ නරීටා අන්තර්ජාතික ගුවන් තොටුපළ ඇතුළු ප්‍රදේශයට ඇතුළු වීමට නියමිත හැගිබිස් සුළි කුණාටුව හේතුවෙන් එරට වෙත පිටත්ව යෑමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් ගමන් පැය 07 කින් පමණ ප්‍රමාද කර ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය පවසයි.

තහනම් සංවිධානයක සාමාජිකයින් බවට සැකපිට ශ්‍රී ලාංකිකයින් සිව් දෙනෙකු ලන්ඩන් ලූටන් ගුවන්තොටුපලේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සිදුව ඇතැයි සඳහන් දූෂණ වංචා සම්බන්ධ විමර්ශනයකට අදාළව එහි හිටපු ප්‍රධාන විධායක නිලධාරීවරයාගේ හා ඔහුගේ බිරිඳගේ විදේශ ගමන් තාවකාලිකව අත්හිටුවීමට අධිකරණය නියෝග කරයි.

Latest News