වූහාන් හී ශ්‍රී ලාංකික සිසුන් ගෙන්වීමට විශේෂ ගුවන් යානයක්

ජන 25, 2020

    කොරෝනා වෛරස් නිව්මෝනියාව පැතිර යමින් පවතින චීනයේ වූහාන් නගරයේ වෙසෙන ශ්‍රී ලාංකික සිසුන් සියලු දෙනා වහාම ආපසු ගෙන්වා ගැනීමට විධිවිධාන සලසන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා විදේශ සබඳතා අමාත්‍යාංශයට උපදෙස් දී තිබේ.

    මේ සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවය - චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ හූබේ ප්‍රාන්තයේ ශ්‍රී ලංකා දූත කාර්යාලය ද සහය කර ගන්නැයි එතුමා දැනුම් දී ඇත.

    වූහාන් නගරයට පිවිසීම සහ ඉන් පිටවීම චීන බලධාරින් විසින් තහනම් කර ඇති අතර, දැනට එහි ශ්‍රී ලාංකික සිසුන් 30 දෙනෙකු සිටින බවයි වාර්තා වන්නේ.

    මේ අතර, තහනම ඉවත්කළ වහාම ඔවුන් ගෙන්වා ගැනීමට පියවර ගෙන ඇති බව විදේශ සබඳතා ලේකම් රවිනාථ ආරියසිංහ මහතා පවසයි.

    Latest News