තහනම් සංවිධානයකට අයත් ලාංකික 4ක් ලන්ඩනයේ දී අත්අඩංගුවට

ඔක් 08, 2019

    තහනම් සංවිධානයක සාමාජිකයින් බවට සැකපිට ශ්‍රී ලාංකිකයින් සිව් දෙනෙකු ලන්ඩන් ලූටන් ගුවන්තොටුපලේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

    පසුගිය සෙනසුරාදා සහ ඉරිදා දින දෙක තුළ මොවුන් සිව් දෙනා අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. එංගලන්තයේ නැගෙනහිර කලාපීය විශේෂ මෙහෙයුම් ඒකකයේ ත්‍රස්ත මර්දන පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ. තහනම් සංවිධානයක සාමාජිකයින් ලෙස සැලකෙන මොවුන් ත්‍රස්තවාදී පනතේ 11 වන වගන්තිය යටතේ අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

    මොවුන් සියලු දෙනා ශ්‍රී ලාංකිකයින් වන අතර 35 හැවිරිදි කාන්තාවක් ද ඒ අතර වන බව සඳහන් වෙයි. අනෙක් පුද්ගලයින් තිදෙනා 35හැවිරිදි, 39 හැවිරිදි සහ 41 හැවිරිදි වියේ පසු වන පුද්ගලයින් බව වැඩිදුරටත් සඳහන්ය. අත්අඩංගුවට ගත් සිව්දෙනාගෙන් කාන්තාව ඇප මුත මුදාහැර ඇති අතර ලබන නොවැම්බර් පළමු සතියේ යළි අධිකරණය හමුවේ පෙනි සිටින ලෙස නියෝග කර තිබේ. අනෙක් පුද්ගලයින් තිදෙනා දකුණු ලන්ඩන් පොලිස් ස්ථානයේ රඳවාගෙන තවදුරටත් ප්‍රශ්න කිරීම් සිදුකරන බව එරට ආරක්ෂක අංශ ප්‍රකාශ කර ඇත.

    Latest News