ශ්‍රී ලංකන් ජල කෝප්පයේ මිල වෙනස්වීමට නිවැරදි කිරිමක්

ජන 09, 2020

    ගුවන් මගීන්ගේ පරිහරණය සඳහා ලබා දෙන ජල කෝප්පයකට අධික මිලක් ගෙවන බවට පළ වී ඇති වාර්තා මුළුමනින්ම අසත්‍ය බව ශ්‍රි ලන්කන් ගුවන් සමාගම පවසයි.

    එක්සත් අරාබි එමීර් රාජ්‍යය පදනම් කරගත් එම සමාගම ජල කෝප්පයක් සඳහා එවකට පැවති විනිමය අනුපාතයට අනූව රුපියල් 6යි ශත 96ක් ගෙවු බව ශ්‍රී ලන්කන් ගුවන් සම‍ාගම නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

    එහෙත්, ඇතැම් මාධ්‍ය වාර්තාවල එම ජල කෝප්පයක මිල අමෙරිකානු ඩොලර් 7.80ක් ගෙවන බව වාර්තාකර් තිබිණ. මෙය පදනම් විරහිත ප්‍රවෘත්තියක් බව එම සමාගම කියා සිටියි.

    ශ්‍රී ලන්කන් ගුවන් සමාගම රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය මුළුමනින්ම අනුගමනය කිරීමට බැඳී සිටින බවත් ඒ අනූව 2018 මාර්තු 6 හා 7 යන දිනවල ජල කෝප්ප ලබා ගැනීමට අදාළ ටෙන්ඩර් දැන්වීමක් මෙරට ජාතික පුවත්පත්වල පළ කළ බව ශ්‍රී ලන්කන් ගුවන් සමාගම පවසයි.

    එ අනුව නිශ්චිත අයිතමය සැපයීම සඳහා මෙරට සහ විදේශීය සමාගම් මගින් ලංසු කැඳවීමක් සිදු කරනු ලැබේ. එම අවස්ථාවේ දී මෙරට නිෂ්පාදිත ජල කෝප්ප දීමට හැකි බවට කිසිඳු යෝජනාවක් මෙරට සමාගම්වලින් නොලැබුණු බව ශ්‍රී ලන්කන් සමාගම සඳහන් කරයි.

    එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ මැලේසියාවේ සමාගම්වලින් ලංසු ඉදිරිපත් කර තිබි ඇත. ඒ අනූව, අඩු පිරිවැයකින් යුතු සමාගම තෝරා ගත් බව ශ්‍රී ලන්කන් ගුවන් සමග සිය නිවේදනයෙන් තවදුරටත් කියා සිටි.

    ගුවන් ගමන් කාලවේලාව අනූව ජල බෝතල්වලට විකල්පයක් ලෙස අසුරන ලද ජල කෝප්ප ගුවන් මගීන්ට ලබාදීම සිදු කෙරේ. එමෙන්ම, ලබාදෙන ආහාර රටවට ගැලපෙන පරිදි ලබා දෙන ජල ප්‍රමාණය ද වෙනස් වන බව ශ්‍රී ලන්කන් ගුවන් සමාගම කියා සිටියි.

    Last modified on බ්‍රහස්පතින්දා, 09 ජනවාරි 2020 15:09

    Latest News