සුළි කුණාටුවට ශ්‍රී ලන්කන් ගුවන් ගමන් ප්‍රමාදයක්

ඔක් 12, 2019

    ජපානයේ නරීටා අන්තර්ජාතික ගුවන් තොටුපළ ඇතුළු ප්‍රදේශයට ඇතුළු වීමට නියමිත හැගිබිස් සුළි කුණාටුව හේතුවෙන් එරට වෙත පිටත්ව යෑමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් ගමන් පැය 07 කින් පමණ ප්‍රමාද කර ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය පවසයි.

    එරට කාළගුණික අංශ මගින් දැනට අනාවැකි පළකර ඇති අන්දම අනුව, අද පස්වරු 7.15ට ජපානයේ නරීටා බලා පිටත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 460 ගුවන් යානය හෙට (13) අලුයම 2.35 දක්වා ප්‍රමාද කර තිබේ.

    මෙම සුළි කුණාටුව හෙට (13) සවස ජපානයට ඇතුළු වීමට නියමිත බැවින්, ගුවන් ගමන් මෙන්ම අනෙකුත් ප්‍රවාහන සේවා ද අඩපණ විය හැකි බවට ජපාන බලධාරීන් නිගමනයවි කර ඇති බැවින්, එරට තත්වය විමසා බලා ශ්‍රී ලන්කන් ගුවන් යානා ජපානය බලා පිටත් කරන බවද ශ්‍රී ලන්කන් ගුවන් සේවය වැඩිදුරටත් නිවේදනය කර සිටියි.

    මේ පිළිබඳව වැඩිදුර විස්තර ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ +94117771979 හෝ ඔබගේ සංචාරක නියෝජිතවරයාගෙන් විමසා දැන ගන්නා ලෙසද ශ්‍රී ලන්කන් ගුවන් සේවය පවසයි.

    Latest News