සාමසාධක රාජකාරියට මෙරටින් 243ක කණ්ඩායමක් මාලි වෙත

නොවැ 06, 2019

    එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරී සඳහා මාලි රාජ්‍යය තුළ ස්ථාපිත කර ඇති සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායමෙහි රාජකාරී සඳහා නිලධාරීන් 20 දෙනෙකු සහ සෙසු නිලයින් 223 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් 2019 නොවැම්බර් මස 12 සහ 13 යන දිනයන්හි දී දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

    මෙම නික්ම යාමට නියමිත පිරිස විසින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා වෙත පිරිනමන ලද සම්මාන ආචාර පෙළපාලිය 2019 නොවැම්බර් මස 06 වැනි දින කුරුණෑගල, බෝයගනේ ස්ථාපිත විජයබාහු පාබල රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේ දී පවත්වන ලදී.

    army1

    army2

    army3

     army4

     

    Last modified on බදාදා, 06 නොවැම්බර් 2019 17:39

    Latest News