කොරෝනා වෛරසය පාලනය කිරීමේ දී අඩුපාඩු සහ වැරදි සිදුවූ බව චීනය සඳහන් කරයි. ඉහළ පෙළේ චීන බලධාරියෙක් සඳහන් කර ඇත්තේ, එරට ජාතික හදිසි තත්ව කළමනාකරණ පද්ධතිය වැඩිදියුණු කළ යුතු බවයි.

කොරෝනා වෛරසය පැතිරයාම මැඩපැවැත්වීමට අමෙරිකාව ලබාදුන් සහාය, චීනය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ.

කොරෝනා වෛරසය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 362 දක්වා ඉහළ ගොස් තිබේ.

අරාබි ලීගය හදිසි රැස්වීමක් පවත්වමින් අමෙරිකාව ඉදිරිපත් කළ මැද පෙරදිග සාම සැලැස්ම ප්‍රතික්ෂේප කරයි.

චීනයේ වෛද්‍ය ආරක්ෂක ඇඳුම් නිෂ්පාදන හැකියාව දිනකට විසි දහසක් බව චීන කාර්මික හා තොරතුරුකරණ අමාත්‍යංශයේ ප්‍රකාශක හුවන් ලීබින් මහතා පවසයි.

කොරොනා වෛරස ආසාදිත රෝගීන් සුව කිරීම තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා චීන ජාතික සෞඛ්‍ය සේවා කොමිසම බෙයිජිංහි චීන ජපන් මිත්‍ර රෝහල, පීකිං විශ්වවිද්‍යාලයේ පළමු වැනි රෝහල හා පීකිං විශ්වවිද්‍යාලයේ මහජන රෝහල ඇතුළු ප්‍රධාන රෝහලේ වෛද්‍යවරුන් හා හෙදියන් වූහාන් නගරය වෙත යොමු කර ඇත.

චීන ගුවන් හමුදා විශාල ප්‍රවාහන ගුවන් යානා 8ක් වෙන් වෙන්ම Shenyang නගරයේ, Lanzhou නගරයේ, Guangzhou නගරයේ හා Nanjing නගරයේ සිට පිටත්ව ඊයේ (2) Wuhan නගරයට ළඟාවිය.

අප්‍රිකානු සූකර උණ වෛරසය දකුණු පිලිපීනයෙන් වාර්තා වී තිබේ. ලොව දසවන විශාලතම සූකර මාංශ පරිභෝජකයා වන පිලිපීනය එම තත්වය මැඩපැවැත්වීමට පියවර ගනිමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පළගැටියන් විශාල ප්‍රමාණයක් රට පුරා පැතිරීම හේතුවෙන් සෝමාලියාවේ ජාතික හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ. අදාළ කෘමීන් විශාල වශයෙන් වගාවන්ට සහ අනෙකුත් ශාකවලට හානි සිදු කිරීම හේතුවෙන්, එරට ආහාර සුරක්ෂිතභාවයට දැඩි තර්ජනයක් එල්ලවී ඇති බවයි, වාර්තා වන්නේ.

පකිස්තානය හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. නැගෙනහිර දිග පකිස්තානය පුරා පැතිර පවත්තා ලෝකසිට් හෙවත් කාන්තාර පළගැටි උවදුර මීට හේතුවයි.

චීනයේ හුබෙයි ප්‍රාන්තයට අසල්වාසී හූනාන් ප්‍රාන්තයෙන් බරපතල කුරුළු උණ තත්වයක් වාර්තා වී තිබේ. මිනිසුන්ට වැළඳීමේ අවදානමක් ඇති, මේ රෝගය හේතුවෙන් කුකුළන් විශාල සංඛ්‍යාවක් මරා දැමීමට චීන බලධාරීන් පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

කෙරෝනා වෛරසය හේතුවෙන් චීනයෙන් පිටත මියගිය පළමු රෝගියා ඊයේ වාර්තා විය. ඒ පිලිපීනයෙන්.

චීනයේ වූහාන් නගරයෙන් පළමුවරට හදුනා ගැණුන කොරොනා වෛරසය අද වනවිට ලොව පුරා රටවල් රැසක සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතියි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බෝරිස් ජොන්සන් එරට නිල වශයෙන් යුරෝපා සංගමයෙන් ඉවත්වීමට පැයකට පෙර ජාතිය අමතමින් මෙය නව යුගයක ඇරඹුම ලෙසත්, අවසානයක් නොව ආරම්භයක් ලෙසත් සඳහන් කිරීමට නියමිත බවයි.

චීනයේ පළමු කොරෝනා ප්‍රතිකාර රෝහල හුවාංෂෝ ප්‍රදේශයේ (Huangzhou) දී (29) විවෘත කෙරිණ.

නව කොරෝනා වෛරස ව්‍යාප්තියෙන් බලපෑම් එල්ල වී ඇති චීනයට අමෙරිකානු ඩොලර් මිලියන 5ක හදිසි මානුෂීය ආධාර මානුෂීය ආධාර ලබා දීමට දකුණු කොරියාව පියවර ගනී.

ඉන්දියාවෙන් කොරෝනා වෛරසය ආසාදිත පළමු රෝගියා වාර්තා වී තිබේ.

බ්‍රිතාන්‍ය, යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ යෝජනාවට යුරෝපා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබී තිබේ.

කොරොනා වෛරසය පිළිබඳ අවබෝධය වර්ධනය කර ගැනීම වෙනුවෙන් හැකි ඉක්මණින් ජාත්‍යන්තර විශේෂඥ කණ්ඩායමක් චීනයට යොමු කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

මැදපෙරදිග පළමු කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයා එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් (UAE) වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

Latest News