කැනඩාවේ හෙක්ටයාර 21,000 ක් අළු වෙයි

මැයි 15, 2024

    කැනඩාවේ ඇල්බර්ටා පළාතේ ‍ෆෝර්ට් මැක්මරී ප්‍රදේශය හරහා හමා එන ලැව් ගිනි තවදුරටත් උත්සන්න වී තිබෙනවා.

    විශාල පිරිසක් එම ප්‍රදේශයෙන් ඉවත් කිරීමටයි, එරට රජය තීරණය කර ඇත්තේ.

    ඊයේ පස්වරුව වන විට බිකන් හීල්, අබසාන්ට් සහ ග්‍රේලින් ටෙරස්ට් යන ප්‍රදේශවල පදිංචිකරුවන්ට තම නිවෙස්වලින් පිට වී යාමට පැය දෙකක පමණ කාලයක් ලබා දුන් බවයි, එරට ආරක්ෂක අංශ පවසන්නේ.

    ඒවා සෘජු අවදානමට ලක්ව ඇති ප්‍රදේශ ලෙසයි, ඔවුන් හඳුන්වා දී තිබෙන්නේ. මේ වන විට හෙක්ටයාර් 21,000 කට ආසන්න ප්‍රමාණයක් මුළුමණින්ම විනාශ වී ඇති බවද, වාර්තා වනවා.

    ෆෝර්ට් මැක්මරී ප්‍රදේශය මින් පෙර 2016 වසරේදී ද ලැව් ගිනි හේතුවෙන් ආපදාවට ලක් වූ කලාපයක්. එම අවස්ථාවේදී නිවාස හා ව්‍යාපාර ආයතන රැසක් විනාශ වූ අතර, ලක්ෂ සංඛ්‍යාත පිරිසක් එම ප්‍රදේශයෙන් පළා ගිය බව ද වාර්තා වුණා.

    Latest News