ඊශ්‍රායලය අනතුරු අඟවයි

මැයි 12, 2024

    ඊශ්‍රායලය විසින් දකුණු ගාසා තීරයේ හමුදා මෙහෙයුම් වැඩි කිරීමට සූදානම් බැවින් තවත් දස දහස් ගණනක පලස්තීනුවන්ට රෆා නගරය හැර යන ලෙස දන්වා තිබෙනවා.

    පටු වෙරළබඩ ප්‍රදේශයක් වන අල්-මාවාසි වෙත යන ලෙසටයි ඔවුන්ට වැඩිදුරටත් දැනුම්දී ඇත්තේ.

    ඊශ්‍රායලය විසින් යම් යම් අවස්ථාවල ජාත්‍යන්තර මානුෂීය නීතිය කඩ කරමින් අමෙරිකාව සපයන ලද ආයුධ භාවිතා කළ බවට අමෙරිකානු දෙපාර්තමේන්තුවේ වාර්තාවකින් අනාවරණ කර තිබුණා.

    මෙම අනාවරණයත් සමගයි ජනතාවට දකුණු ගාසා තීරයෙන් ඉවත්වන ලෙසට දැනුම් දී ඇත්තේ.

    ඊශ්‍රායලය ඉකුත් ඔක්තෝබර් මාසයේ සිට ගාසා තීරයට එල්ල කළ ලද ප්‍රහාරවලින්  අවම වශයෙන් පලස්තීන ජාතිකයින් 35,000 ක් පමණ මිය ගොස් ඇති බව, එම බලධාරින්  පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ, තවත් 78,000 කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බවයි.

    ඊශ්‍රායල  ප්‍රහාර හමුවේ ගලවා ගැනීමේ මෙහෙයුම්වලට  දැඩි බාධා එල්ල වී ඇති බැවින්,   මිය ගිය  පිරිස තවදුරටත් ඉහළ යා හැකි බවද බලධාරින් පෙන්වා දෙනවා.  මේ අතර, පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ,  ගාසා තීරයේ අවට රෝහල්වල සමූහ මීණිවලවල් 7 ක තිබී පුද්ගල මළ සිරුරු 520 ක්  සොයා ගත් බවයි.

    එහිදී, අල්ෂිෆා රෝහල් භූමියෙන්  පමණක් සිරුරු 80 ක් හමුවී ඇති බවයි, වාර්තා වන්නේ. ඊශ්‍රායල ප්‍රහාර හමුවේ පලස්තීන ජාතිකයින් එක් ලක්ෂ 50,000 ක් රෆා නගරයෙන් පලා ගොස්  ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.

     

    Latest News