පලස්තීනයට විශිෂ්ට ජයක්

මැයි 12, 2024

    පලස්තීනයට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ කාලීන සාමාජිකත්වය ලබා දීමට ජගත් මහා මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා.

    ඒ පිළිබඳව සිදු කළ ජන්ද විමසීමේදී පලස්තීනයට පක්ෂව ජන්ද 143ක් ලැබී තිබෙනවා.

    අමෙරිකාව සහ ඊශ්‍රායලය මෙම යෝජනාවට සිය විරෝධය පල කරමින් විපක්ෂව ඡන්දය භාවිත කළා.

    ඒ අනුව විපක්ෂව ඡන්ද 9ක් ලැබුණු අතර රටවල් 25ක් ඡන්දය භාවිතයෙන් වැළකී සිටියා.

    එක්සත් ජාතීන්ගේ ඊශ්‍රායල තානාපති ගිලාඩ් එර්ඩන් ප්‍රකාශයක් නිකුත් කරමින් ජගත් මහා මණ්ඩලය විසින් “ත්‍රස්තවාදී රාජ්‍යයක්” නිල වශයෙන් පිළිගෙන ඇති බව පවසනවා.

    කෙසේ වෙතත් සාමාජිකත්වය පිළිබඳ අවසන් තීරණය ගනු ලබන්නේ ජගත් ආරක්ෂක මණ්ඩලය විසින්.

    Latest News