වෛරසය පාලනයේ දී අඩුපාඩු සිදුවූ බව චීනය පිළිගනී

පෙබ 04, 2020

    කොරෝනා වෛරසය පාලනය කිරීමේ දී අඩුපාඩු සහ වැරදි සිදුවූ බව චීනය සඳහන් කරයි. ඉහළ පෙළේ චීන බලධාරියෙක් සඳහන් කර ඇත්තේ, එරට ජාතික හදිසි තත්ව කළමනාකරණ පද්ධතිය වැඩිදියුණු කළ යුතු බවයි.

    චීනයේ කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ ප්‍රමාණය නිල වශයෙන් මේ වන විට 17,000 ඉක්මවා ඇති අතර, මරණ සංඛ්‍යාව 361ක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරයි. චීනයට පිටතින් එක් පුද්ගලයෙකු මිය ගොස් ඇති අතර වාර්තා වූ රෝගීන් ප්‍රමාණය 150ක්. චීන නව චන්ද්‍ර වර්ෂ නිඩුවට පසුව ඊයේ දිනයේ එරට කොටස් වෙළෙඳපොළ කටයුතු ආරම්භ කරනු ලැබීය. ආරම්භක දිනයේ එහි අගය 8%කින් පහළ ගොස් තිබිණ. එම අගය වසර 4කින් පසු වාර්තා වූ ඉහළම පසුබෑම බවයි, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ. මෙම වෛසරය ආසාදන තත්වය හටගත් හුබෙයි ප්‍රාන්තයේ වූහාන් නගරයේ පිහිටි සත්ව මාංශ වෙළෙඳසැල දැඩි පරීක්ෂණවලට ලක් කරනු ලැබීය. එහිදී චීන වෛරස විශේෂඥයින් සඳහන් කර සිටියේ, වෛරසය හටගැනීමට ප්‍රධානම හේතුව වවුලන් විය හැකි බවයි.

    Last modified on අඟහරුවාදා, 04 පෙබරවාරි 2020 09:29

    Latest News