කෙහෙළියගේ පෙත්සමේ තීන්දුව කල්යයි

මැයි 07, 2024
    රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තමන්ව අප මත මුදා හරිණ ලෙස ඉල්ලා හිටපු සෞඛ්‍ය අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ඉදිරිපත් කළ අතුරු ඉල්ලීම පිළිබඳ තීන්දුව ප්‍රකාශ නොකිරීමට අභියාචනාධිකරණය අද තීන්දු කළා.

    තමා ඉදිරි දිනවල විශ්‍රාම යාමට නියමිත හෙයින් මෙම නඩුවට අදාල නියෝගය සකස් කිරීමට තමන්ට ප්‍රමාණවත් කාලයක් නොමැති හෙයින් සුදුසු තීරණයක් ගැනීම සඳහා එය අභියාචනාදීකරණයේ සභාපති විනිසුරුවරයා වෙත යොමු කරන බවත් අභියාචනාධිකරණ විනිසුරු ඩී එන් සමරකෝන් මහතා නියෝග කළා.

    ඒ අනුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු වරයා ඉදිරියේ අදාළ පෙත්සමක් ලබන දාහතර වද කැඳවීමටද දින නියම වුණා.
    මෙම පෙත්සමේ අතුරු ඉල්ලීම පිළිබඳ නියෝගය අද දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණා

    Latest News