බ්‍රෙක්සිට් කොන්දේසිවලට යුරෝපා පාර්ලිමේන්තුවේ අනුමැතිය

ජන 30, 2020

    බ්‍රිතාන්‍ය, යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ යෝජනාවට යුරෝපා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබී තිබේ.

    ඒ අනූව බ්‍රිතාන්‍ය, යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ බ්‍රෙක්සිට් කොන්දේසිවලට ද අනුමැතිය හිමිව ඇත.බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ ඓතිහාසික සිදුවීම හෙට සිදුවනු ඇති. බ්‍රසල්ස්හි පැවති පාර්ලිමේන්තු විවාදයෙන් අනතුරුව, යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බ්‍රෙක්සිට් ගිවිසුමට අනුමැතිය ලබාදුනනේය. එය ඡන්ද 621කට 49ක් ලෙස සම්මත වී ඇති බවයි, වාර්තා වන්නේ.

    ඡන්ද විමසීමෙන් අනතුරුව අදාළ මන්ත්‍රීවරුන් බ්‍රිතාන්‍ය, යුරෝපා සංගමයෙන් ඉවත්වීම සංකේතවත් කළේ ඔල්ඩ් ලැන්ග් සයින් නමැති ජන ගීයක් ගායනා කරමින්. අදාළ අවස්ථාව ඉතා සංවේදජනක අවස්ථාවක් බවට පත්විය. කෙසේ වෙතත් ලොවම බලා සිටි බ්‍රෙක්සිටි ක්‍රියාවලිය හෙටින් නිමාවට පත්වන්නේ, යුරෝපා සංගමයේ සාමාජික රටවල් සංඛ්‍යාව 27ක් බවට පත් කරමින්.

    Last modified on බ්‍රහස්පතින්දා, 30 ජනවාරි 2020 10:43

    Latest News