ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායම ඉරානය පරාජය කරයි

මැයි 15, 2024

    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග අද පැවති තරගය, ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

    තරගාවලියේදී ශ්‍රී ලංකාව වාර්තා කළ දෙවැනි ජයග්‍රහණය මෙයයි.

    තරගාවලිය, පකිස්තානයේ ඉස්ලාමාබාද් නුවරදී පැවැත්වෙනවා. ශ්‍රී ලංකාව සහ ඉරානය අතර තරගය, ආරම්භයේ සිටම ශ්‍රී ලංකාව දක්ෂ ලෙස ක්‍රීඩා කළා.

    ඔවුන් තරගයේ පළමු වටය ජය ගත්තේ, ලකුණු 25 ට 22 ක් ලෙසයි. දෙවැනි වටය ලකුණු 25 ට 17 ක් ලෙස ජය ගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින්, තෙවැනි වටය ලකුණු 25 ට 21 ‍ලෙස ජය ගැනීමට සමත් වුණා. ඒ අනුව, ශ්‍රී ලංකාව තරගය ජය ගත්තේ, වට 3 ට බින්දුවක් ලෙසයි.

    ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මූලික වටයේදී සහභාගී වන අවසන් තරගය හෙට පැවැත්වීමට නියමිතයි.
    ඒ, ටර්ක්මින්ස්ථානය සමග. තරගාවලිය, මෙවර පැවැත්වෙන්නේ, දෙවැනි වරටයි.

    Latest News