මාරාන්තිකම ප්‍රහාරයෙන් සොල්දාදුවන් 05කට දිවි අහිමි වෙයි

මැයි 17, 2024

    උතුරු ගාසා තීරයේදී සිදුවූ ඊශ්‍රායල ප්‍රහාරයකින් ඊශ්‍රායලයේම සොල්දාදුවන් පස් දෙනෙකු මිය ගොස් තිබෙනවා.

    එම හමුදාව පවසන්නේ මෙය ඉකුත් වසරේ ඔක්තෝම්බර් මස හමාස් සංවිධානයට එරෙහි යුද්ධය ආරම්භ වූ දින සිට සිදුවූ මාරාන්තිකම ප්‍රහාරය බවයි.

    ගාසා තීරයේ ජබාලියා සරණාගත කඳවුරේ භට පිරිස් රැස්ව සිටි ගොඩනැගිල්ලකට යුද ටැංකි දෙකකින් ප්‍රහාර සිදු කර තිබෙනවා.

    ඊශ්‍රායල ආරක්ෂක හමුදාව සඳහන් කළේ, පැරෂුට් භට බලකායේ 202 වන බලඇණියේ සොල්දාදුවන් පස් දෙනෙකු ජබාලියා කඳවුරේදී “තම හමුදාවේ වෙඩි තැබීමේ ප්‍රතිඵලයක් ලෙස” මිය ගිය බවයි.

    සිද්ධියෙන් තවත් සොල්දාදුවන් හත් දෙනෙකු තුවාල ලබා තිබෙනවා.ඉන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි වාර්ත‌ා වන්නේ.

    Latest News