වාලච්චේනේ ධීවර බෝට්ටුවක් නැවක ගැටේ

මැයි 18, 2024

    පසුගිය 12 වැනි දින වාලච්චේන ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා මුහුදු ගිය 05 දෙනෙකුගෙන් යුතු ධීවර යාත්‍රාවක් එම වරායේ සිට කිලෝමීටර් 47ක් පමණ දුරින් අනතුරකට ලක්ව ඇති බව වාර්තාවනවා.

    බහුදින ධීවර යාත්‍රාව ධීවර කටයුතු කරමින් සිටි ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් ඒ ආසන්නයෙන් ගමන් කරමින් තිබූ නැවක ගැටී මෙම අනතුර සිදුව ඇති බවටයි සිදුකරන ලද විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ. අනතුරින් 47 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 60 හැවිරිදි පුද්ගලයෙක් දියේ ගිලී අතුරුදන්වී ඇත. එක් පුද්ගලයෙකු තුවාල ලබා ත්‍රිකුණාමලය රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඉතිරි දෙදෙනාට අනතුරක් වී නොමැත. වාලච්චේන පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.

    Latest News