ලෝක ජල සමුළුව සැමරීමට ජනපති ඉන්දුනීසියාවට

මැයි 17, 2024
    ඉන්දුනීසියාවේ බාලි නගරයේ පැවැත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසියට සහභාගි වීම සඳහා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා හෙට (18) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

    ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ (Joko Widodo) මහතාගේ ආරාධනය පරිදි ජනාධිපතිවරයා මෙම සංචාරයට එක්වනවා

    10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසිය “සාමූහික සෞභාග්ය සඳහා ජලය” යන තේමාව යටතේ මැයි 18 සිට 20 වැනිදා දක්වා ඉන්දුනීසියාවේ බාලි නගරයේදී පැවැත්වෙනවා.
     
    ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මැයි 20 වැනිදා සමුළුව අමතා සිය විශේෂ දේශනය ඉදිරිපත් කිරීමට නියමිතයි.
     
    මේ අතර සිය දෙදින නිල සංචාරයේදී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ඉන්දුනීසියානු ජනාධිපතිවරයා ඇතුළු එරට ඉහළ පෙළේ නියෝජිතයන් කිහිප දෙනෙක් සමගද ද්විපාර්ශ්වික සාකච්ඡාවලට එක්වනු ඇති.

    Latest News