පිලිපීනයේ සූකර උණ වසංගතයක්

පෙබ 03, 2020

    අප්‍රිකානු සූකර උණ වෛරසය දකුණු පිලිපීනයෙන් වාර්තා වී තිබේ. ලොව දසවන විශාලතම සූකර මාංශ පරිභෝජකයා වන පිලිපීනය එම තත්වය මැඩපැවැත්වීමට පියවර ගනිමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

    අප්‍රිකානු සූකර උණ වෛරසය ආසාදනය වීම මුලින්ම වාර්තා වී ඇත්තේ, මින්දනාඕ දිවයිනෙන් සහ ඩවාවෝ ප්‍රාන්තයෙන්. පිලිපීන කෘෂිකර්ම ලේකම් විලියම් ඩාර්ක් සඳහන් කළේ, වෛරසය තවදුරටත් පැතිරීම වැළැක්වීම සඳහා පිලිපීනයේ දිවයින් අතර සතුන් ප්‍රවාහනය සීමා කිරීමට පියවර ගන්නා බවයි. ලොව 7 වැනි විශාලතම සූකර මාංශ ආනයනකරු වන පිලිපීනයෙන් ඉකතු වසරේ සැප්තැම්බර් මාසයේ දී ද සූකර උණ තත්වයක් වාර්තා වී තිබේ.

    ඒ හේතුවෙන් වෛරසය පැතිරුණු ප්‍රදේශවල සූකර මාංශ පරිභෝජනය ද අත්හිටුවීමට පියවර ගෙන තිබිණ. කෙසේ වෙතත්, සූකර සත්වයින්ගේ ලේ සාම්පල රැගෙන රෝගය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදු කෙරෙමින් පවතින බව වාර්තා වෙයි.

    Last modified on සදුදා, 03 පෙබරවාරි 2020 09:20

    Latest News