කුසලානය ගේන්න ජනපති දිරිය දෙයි

මැයි 14, 2024

    20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද උදෑසන දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

    ඔවුන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී ඊයේ පස්වරුවේ නිල ඡායාරූපයට පෙනී සිටියා.

    සර්ව ආගමික වතාවත් වලින් අනතුරුව ජනපති රනිල් වික්‍රමසිංහ මහතාද හමුවූ ඔවුන්ව දිරිමත් කරමින් සුහද පිළිසඳරක යෙදෙන්නට ජනපතිවරයා අමතක කළේ නැහැ. අනතුරුව ක්‍රීඩා අමාත්‍යවරයා, ජනපතිවරයා සහ ක්‍රිකට් ආයතන ප්‍රධානීන් සමූහ ඡායාරූපයකටද පෙනී සිටියා.

    මෙවර 20-20 ලෝක කුසලාන තරගාවලිය බටහිර ඉන්දීය කොදෙව් දේශයේ හා අමෙරිකා එක්සත් ජනපදයේ සම සත්කාරකත්වයෙන් එළඹෙන ජූනි 02 වනදා සිට 29 වනදා දක්වා පැවැත් වීමට නියමිතයි.

    Latest News