1න් පස්සෙ නුවරටත් වහිනවා

මැයි 14, 2024

    ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු වේ.

    දිවයිනේ බොහෝ පළාත්වල ප.ව. 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

    මධ්‍යම, සබරගමුව, නැගෙනහිර, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 100 ටවැඩිතද වැසි ඇතිවිය හැක.

    නැගෙනහිර සහ දකුණු පළාත්වල උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැක.

    බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

    Screenshot_2024-05-14_at_07-09-37_මුල්_පිටුව.png

    Last modified on අඟහරුවාදා, 14 මැයි 2024 07:11

    Latest News