පළගැටියන් නිසා පකිස්තානයේ හදිසි තත්වයක් ප්‍රකාශයට

පෙබ 02, 2020

    පකිස්තානය හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. නැගෙනහිර දිග පකිස්තානය පුරා පැතිර පවත්තා ලෝකසිට් හෙවත් කාන්තාර පළගැටි උවදුර මීට හේතුවයි.

    හදිසි තත්වය ප්‍රකාශයට පත්කළේ අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්. විශේෂයෙන්ම සීනඩ් ප්‍රාන්තයේ ගොවිබිම් රැසක් මේ උවදුර නිසා මුළුමනින්ම විනාශයට පත්විය. පන්ජාබ් ප්‍රාන්තයේ ද වගා රැසකට බලපෑම් එල්ල වී තිබේ. දැනටමත් පකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්, සාකච්ජාවට කිහිපයක් අමාත්‍ය මණ්ඩලය සමග පවත්වා තිබේ.

    ඒ අනූව පළගැටි උවදුර මර්දනය සඳහා ජාතික ක්‍රියාකාරී සැලැස්මක් ක්‍රියාවට නැංවීමට පකිස්තානය බලාපොරොත්තු වෙයි. ඊට වැය කෙරෙන මුදල රුපියල් කෝටි 30ක්. ලෝකස්ට් හෙවත් කාන්තාර පළගැටි උවදුර වැඩි වශයෙන් පවතින්නේ අප්‍රිකානු කලාපයේ.

    Last modified on ඉරිදා, 02 පෙබරවාරි 2020 12:51

    Latest News