අද අකුණු සැරයි

මැයි 11, 2024
    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

    බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම, ඌව සහ උතුරු මැද පළාත්වලත් මන්නාරම සහ වවුනියා දිස්ත්‍රික්කවලත් අද (11) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇති වීමේ වැඩි අවදානමක් පවතින බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

    එම ප්‍රදේශවල ජනතාවට විමසිලිමත් වන ලෙසත් ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බව ද අදාළ නිවේදනයේ තවදුරටත් දැක්වෙනවා.
    එම නිවේදනය අද (11) රාත්‍රී 11.30 වෙනතුරු වලංගු බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
    සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.
     
    1

    Latest News