චමරි අංක 1 ට එයි

මැයි 16, 2024
    ලෝක එක්දින ක්රිකට් පිතිකරණ ශ්රේණිගත කිරීම්වල, පළමු ස්ථානයට පැමණීමට ශ්රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු සමත් වී තිබෙනවා.

    ඒ වෙනුවෙන් ඇයව පිළිගැනීම සඳහා විශේෂ උත්සවයක්, ඊයේ කොළඹ දී පැවැත්වුණා.

    චමරි අතපත්තු නියෝජනය කරන "චිලව් මේරියන්ස්" ක්රීඩා සමාජය විසින් මෙම උත්සවය සංවිධාන කර තිබුණා.
     
    ක්රීඩා යෞවන කටයුතු අමාත්ය හරීන් ප්රනාන්දු, ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා, ප්රවීණ ක්රිකට් ක්රීඩකයින් දෙපළක් වන අරවින්ද ද සිල්වා සහ සනත් ජයසූරිය යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගි වුණා.
     
    ලෝක 20 - 20 ක්රිකට් ශ්රේණිගත කිරීම්වල තුන් ඉරියව් ක්රීඩිකාවන් අතර පස්වැනි ස්ථානයට පැමිණ තිබෙන චමරි අතපත්තු දැනට ක්රීඩා කර ඇති 20 - 20 තරග ගණන 131 ක්.
     
    ඇය ක්රීඩා කර ඇති එක්දින තරග ගණන 101 ක් වන අතර එම එක්දින තරගවලදී ශතක 9 ක් සහ අර්ධ ශතක 16 ක් වාර්තා කිරීමට චමරි අතපත්තු සමත් වී තිබෙනවා.
     
    20-20 කාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්රිකට් තරගාවලියේ ශූරතාවය හිමිකරගත් ශ්රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායමේ අවසන් තරගය වූ ස්කොට්ලන්තය සමග තරගයේ ද විශිෂ්ට දක්ෂතා දැක්වීමට නායිකා චමරි අතපත්තු සමත් වුණා.

    Latest News